පෞරාණික සිතුවම්, මූර්ති සහ පුරාවස්තුවලට ස්වාභාවික හෝ වෙනත් හේතු මත සිදුවන හායනය අවම කිරීම සඳහා රසායනික සහ භෞතික ප්‍රතිකර්ම යෙදීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්‍ෂණ අංශයෙහි ප්‍රධාන කාර්යභාරයයි. එමගින් පෞරාණික සිතුවම්, මූර්ති සහ පුරාවස්තුවල ආයු කාලය දීර්ඝ කොට මතු පරපුර උදෙසා ආරක්‍ෂා කිරීම අපේක්‍ෂා කෙරේ.
ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1890 වසරේ දී ආරම්භ කරන ලද නමුත් 1940 දශකය වනතුරු රසායන සංරක්‍ෂණ අංශයක් නො පැවතිණ. 1940 දශකයේ මුල්භාගයේ දී ලොව ප්රකට සීගිරි සිතුවම්වල බදාමය දුර්වල වී ගිලිහී යාමේ අවධානමක් ඇති වූ අතර එය ශක්තිමත් කිරිම සඳහා විශේෂඥයකු දිවයින තුළ නො වූයෙන් 1943 ජනවාරි 27 වන දින ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි රසඥ ඛාන් බහදුර් මොහොමඞ් සානා උල්ලා මහතා මෙරටට පැමිණ සීගිරි සිතුවම් තහවුරු කළේය. ඔහු විසින් පී. දොන් ඇම්බ්‍රෝස් මහතා රසායන සංරක්‍ෂණ කටයුතු සඳහා පුහුණු කරනු ලැබූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රසායන සංරක්‍ෂණ කටයුතු සඳහා මුලපුරනු ලැබූයේ ඒ අයුරිනි.
ඛාන් බහදුර් මොහොමඞ් සානා උල්ලා මහතා ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නැවත වරක් 1947 අප්‍රේල් මස 13 වන දින ශ්‍රී ලංකාවට පැමිණ එම වසරේ අගෝස්තු මස දක්වා මෙරට බිතුසිතුවම් සංරක්‍ෂණ කටයුතුවල නිරත වූයේ ය. එම ගමනේ දී පොළොන්නරුව තිවංක පිළිමගෙය සංරක්‍ෂණ කටයුතුවලට ප්‍රමුඛත්වය ලබාදුන් අතර ඊට අමතරව පොළොන්නරුව ලංකාතිලක පිළිමගෙය, ගල්විහාරය, පුල්ලිගොඩ සහ හිඳගල යන ස්ථානවල සිතුවම් සංරක්‍ෂණය සඳහා ද පියවර ගනිමින් මෙරට බිතුසිතුවම් සංරක්‍ෂණ ක්ෂේත්රයෙහි උන්නතිය කෙරෙහි සුවිශාල දායකත්වයක් දැක්වීය.
1949 නොවැම්බර් 1 දින රසායන සංරක්‍ෂණ කටයුතු සඳහා ප්‍රථම වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රසඥවරයකු බඳවා ගන්නා ලදි. ආධුනික රසඥ වශයෙන් එසේ දෙපාර්තමේන්තු සංරක්‍ෂණ අංශයට එක් වූ ආර්. එච්. ද සිල්වා මහතා ඉන්දීය පුරාවිද්‍යා රසඥ යටතේ ඉන්දියාවේ ඩේරාදුන් ස්ථානයේ දී පුහුණුව කරවනු ලැබීය.
මේ අතරතුර 1950 වනවිට නැවත වරක් සීගිරි සිතුවම්වල බදාමය දුර්වලව ගිලිහී යාම ආරම්භ වී තිබූ බැවින් සානා උල්ලා මහතා යටතේ වැඩ කිරීමෙන් අත්දැකීම් ලබා සිටි දෙපාර්තමේන්තුවෙහි ආදර්ශ සැලසුම්කරු ශරත් වත්තල මහතා ඒ සඳහා පිළියම් යෙදීමට සමත් විය.
1953 වසරේ දී ප්‍රථම වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා සංරක්‍ෂණ රසායනාගාරයක් කොළඹ සංගීත හා නැටුම් ආයතනයේ ගොඩනැගිල්ලක පිහිටවනු ලැබීය. 1950-60 දශක තුළ කෙමෙන් දියුණුවට පත් එම රසායනාගාරය බිතුසිතුවම් සංරක්‍ෂණයට අමතරව එළිමහනේ ඇති පැරණි ස්මාරකවල දිලීර සහ වල්පැළෑටි මර්දනය, බදාම තහවුරු කිරීම, පුරාවස්තු සංරක්‍ෂණය, නව සංරක්‍ෂණ ක්‍රමවේදයන් සඳහා අත්හදා බැලීම් සහ පර්යේෂණ පැවැත්වීම, සෙල්ලිපිවල ප්ලාස්ටික් අනුරූ තැනීම වැනි කටයුතු දක්වා සිය කාර්යභාරය පුළුල් කළේ ය. සංරක්‍ෂණ රසායනාගාරය කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල භූමියේ පිහිටි වර්තමාන රසායානාගාර ගොඩනැගිල්ල වෙත ගෙන එනු ලැබූයේ 1970 දශකයේ මුල් භාගයේ දී ය.
1967 වසරේ ඔක්තොබර් 14 වන දින රාත්‍රියෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිය ඉතිහාසය තුළ ඇති වූ බරපතලම අභියෝගයට මුහුණ දීමට සිදු විය. යම් කිසි පුද්ගලයකු විසින් එදින රාත්‍රියෙහි ලොව ප්රකට සීගිරි සිතුවම් මත තීන්ත ආලේප කොට විනාශ කර දමා තිබිණ. මෙය මුළු මහත් ලෝකය ම ආන්දෝලනයට ලක් කළ සිදුවීමක් වූ අතර එම තීන්ත ඉවත් කොට සීගිරි සිතුවම් යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගය පැවරී තිබුණේ දෙපාර්තමේන්තුවෙහි රසායන සංරක්‍ෂණ අංශයටයි. ආචාර්ය ආර්. එච්. ද සිල්වා මහතා ප්‍රමුඛ සංරක්‍ෂණ කණ්ඩායම විසින් ඉතාලි ජතික විශේෂඥ ලූසියානෝ මරන්සි මහතාගේ මාර්ගෝපදේශකත්වය මත මහත් පරිශ්‍රමයකින් පසුව සීගිරි සිතුවම් සමස්ත මානව සංහතිය උදෙසා ආරක්‍ෂා කර දීමට හැකිවීම රසායන සංරක්‍ෂණ අංශය ලද සුවිශේෂ ජයග්‍රහණයකි.
විනාශ වූ සීගිරි සිතුවම් යළි මතු කරමින් |
|
ආචාර්ය ආර්. එච්. ද සිල්වා මහතා | ලූසියානෝ මරන්සි මහතා |
යළි මතු කළ සීගිරි සිතුවම් |
||
රසායන සංරක්‍ෂණ අංශයේ ව්‍යුහය
රසායන සංරක්‍ෂණ අංශයේ කාර්යභාරය
රසායන සංරක්‍ෂණයට අදාළ පහත සඳහන් සියලූ ම කාර්යයන් ජාතික සහ අන්තර්ජාතික වශයෙන් පිළිගත් සංරක්‍ෂණ මූලධර්ම සහ ආචාරධර්මවලට අනුකූලව විද්‍යාත්මක පසුබිමක් තුළ සිදු කරනු ලබයි.
වැඩිදුර විස්තර ලබා ගැනීමට මාතෘකාව මත ක්ලික් කරන්න
වසර දහසක් පැරණි දැව පාරුවක් සංරක්‍ෂණය
1992 වසරේ දී ශ්‍රී ලංකාවෙහි බස්නාහිර පළතේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ලත්පඳුර නම් ප්‍රදේශයේ ඇළකින් මතු වූ පැරණි දැව පාරුවක් පිළිබඳ තොරතුරක් ප්‍රදේශවාසින්ගෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබුණි. බටහිර ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයේ විශේෂඥ සංරක්‍ෂක ඉයන් ගොෆ්රී මහතා මෙරටට පැමිණ එවක ගවේෂණ අංශයේ සහකාර අධ්‍යක්‍ෂ වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සමඟ එම ඔරුව පරීක්‍ෂා කොට සංරක්‍ෂණ තත්ත්ව වාර්තාවක් සහ ඇස්තමේන්තුවක් සකස් කළේය. මෙය දිගින් අඩි 50.11 ක් ද පළලින් අඩි 3 ත් 4 ත් අතර වූ ද පාරුවක එක් කොටසකි. මෙය කාබන් 14 කාලනීර්ණයට ලක්කළ අතර ඒ අනුව මෙය අදින් වසර 960 ක් පමණ පරණි බව තහවුරු විය. ජලයෙන් ඉවතට ගැනීම නිසා වියළීමෙන් අධික ලෙස පැළීමට ලක් වී තිබූ මෙම දැව පාරුව රසායන ද්‍රව්‍ය භාවිතයෙන් සංරක්‍ෂණයට ලක්කිරීම රසායන සංරක්‍ෂණ අංශය විසින් සිදු කරන ලද සුවිශේෂ ව්‍යාපෘතියකි. මේ වනවිට මෙය මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය සඳහා සූදානම් කරමින් පවති.
දැවය විනාශ වී තිබූ ආකාරය | |
යාන්ත්‍රිකව පිරිසිදු කරමින් |
|
සංරක්‍ෂණයෙන් පසු පාරුව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් විසින් පරීක්‍ෂා කරනු ලබමින් | |
සංරක්‍ෂණයට ලක් කළ තවත් දැව පාරුවක්
මෙය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ඔයෙන් 1998 මාර්තු මාසයේ දී වැලිගොඩ දමන මිනිසුන්ට හමු වී ඇත. ඇමරිකාවේ බීටා ඇනලිසිස් ආයතනය මගින් කාලනීර්ණය කරන ලද මෙම පාරුව අදින් වසර 1270 ක් පමණ පැරණි බව අනාවරණය කර ගන්නා ලදි. කොළඹ කෞතුකාගාරයේ ජල ටැංකියක් තුළ මෙය බහා තිබුණූ අතර 2008 වර්ෂයේ ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංස්කෘතික සහයෝගිතා ව්‍යාපෘතිය මගින් මුදල් ප්‍රතිපාදනය කිරීමේ හේතුවෙන් මෙහි සංරක්‍ෂණ කටයුතු ආරම්භ කිරීමට හැකි විය. ලී කුඩු භාවිතයෙන් පාලිත තත්ත්ව යටතේ පවනේ වියළීමේ ක්‍රමයට සංරක්‍ෂණය කිරීමට තීරණය කෙරිණ. හැකිළීම වැළැක්වීම සඳහා කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත නො කරන මෙම ක්‍රමය සාම්ප්‍රදායික ක්‍රමයකි. ක්‍ෂුද්‍රජීවී වර්ධනය වැළැක්වීම සඳහා බෝරික් ඇසිඞ් සහ බොරැක්ස් භාවිත කරන ලදි. ලී කුඩු භාවිතය වඩාත් ලාභදායී ක්‍රමයක් සේ ම දැවය සෙමින් වියළීමට ලක් කිරීම නිසා වියළීමේ දී හැකිළෙන ප්‍රමාණය ද අඩු වේ.හැකිළීමේ ප්‍රතිශතය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නො කඩවා නිරීක්‍ෂණය කරනු ලබයි. මෙය මේ වනවිට මහජනතාව සඳහා ප්‍රදර්ශනයට සුදානම් කෙරෙමින් පවතී.
පැරණි කාලතුවක්කව සංරක්‍ෂණය
පෘතුගීසි සමයට අයත් යැයි සිතිය හැකි තාක්‍ෂණික ලක්‍ෂණ ඇති තඹ මිශ්‍ර ලෝහ කාලතුවක්කුවක් 2007 වර්ෂයේ දී මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට ගිය ධීවරයන් පිරිසක් විසින් සොයාගෙන එමින් තිබිය දී පුත්තලම, මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාරදෙන ලදි. මෙය ලූතිනන් කොමදෝරු සෝමසිරි දේවේන්ද්‍ර මහතාගේ අදහස අනුව සහ 1976 ග්‍රන්ථයේ පිටු අංක 140 හි සටහන් විස්තර සහ ජායාරූපවලට අනුව පෘතුගීසි සමයට අයත්යැයි තහවුරු වේ.
මෙම කාලතුවක්කුව ශ්‍රී ලංකාවේ වයඹ දිග මුන්දලම වෙරළ තීරයේ සිට කි. මී. 15 ක් දුර මුහුදේ සිට ගෙන එන ලද්දකි. මාස කිහිපයක් පුත්තලම කෞතුකාගාර පරිශ්‍රයේ තබා තිබූ මෙම කාලතුවක්කුව කොළඹ කෞතුකාගාර පරිශ්‍රයට ගෙන එනු ලැබූයේ එහි රසායනික සංරක්‍ෂණ කටයුතු සිදු කිරීම සඳහා ය. සංරක්‍ෂණ කටයුතු සඳහා මූල්‍යමය දායකත්වය සපයන ලද්දේ ශ්‍රී ලංකා - නෙදර්ලන්ත සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ සංස්කෘතික අමාත්‍යංශය මගිනි. සංරක්‍ෂණයෙන් පසුව මෙය ගාල්ල කොටුව ඕලන්ද ගොඩනැගිල්ලේ ස්ථාපිත කළ මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත .
කාලතුවක්කුව සංරක්‍ෂණය කිරීමට පෙර |
|
පුත්තලම පුරාවිද්‍යා කෞතුකාගාර පරිශ්‍රයේ දී රසායන ද්‍රව්‍ය යොදමින් යාන්ත්‍රිකව පිරිසිදු කරමින් |
ඔවාගිරිය බුදු පිළිමය සංරක්‍ෂණය
ඔවාගිරිය පුරාවිද්‍යා ස්ථානය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇත. නටබුන්ව තිබු ස්ථානය ගල් ඔය නිම්න සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීමක් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1956 වර්ෂයේ දී ගවේෂණය කොට අනාවරණය කරගන්නා ලදි. මෙම නටබුන්වලින් වැඩි කොටසක් ගල් ඔය නිම්න සංවර්ධන ව්‍යාපාරයේ දී ට්‍රැක්ටර්වලින් විනාශ වී තිබිණි. නටබුන් වූ දාගැබක්, පිළිම ගෙයක් සහ ගල් කුළුණු හිස්, මුරගල්, කොරවක් ගල්, පැතලි උළු වැනි ගොඩනැගිලි අවශේෂ මෙහි ව්සිර පවතී. මේ අතර වූ අඩි 11 1/2 ක් පමණ උස් වූ ස්ථටික හුණු ගලින් නෙළන ලද දෙඅත් කැඩුණු කවන්ධ බුද්ධ ප්‍රතිමාව 2008 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්‍ෂණ අංශය මගින් සංරක්‍ෂණය ආරම්භ කරන ලදි. සංරක්‍ෂණය ආරම්භ කරන අවස්ථාව වන විට බිම පතිත වී උරහිස් කොටස කැඩී තිබූ පිළිමය විශේෂයෙන් සකස් කරන ලද දැව රාමුවක සහ කප්පියක ආධාරයෙන් ඔසවා ස්ථාපිත කරනු ලැබීය.
බිම පතිත වී තිබූ කවන්ධ පිළිමය කප්පි යොදා එසවීම | පිළිමයේ දෙපා ගල්කුඩු මිශ‍්‍රණයෙන් ප‍්‍රතිනිර්මාණය කිරීම |
ශීර්ෂය කවන්ධයට සවි කිරීමෙන් අනතුරුව | පිළිමය සංරක්‍ෂණයෙන් පසු |
පැරණි විලාසිතා වත්මන් සමාජයට
පැරණි සමාජයේ ඇඳුම් පැළඳුම් සහ විලාසිතාවන් වර්තමාන සහ අනාගත පරපුරට දැක බලා ගැනීමට සැලැස්වීමේ අරමුණින් පැරණි රෙදි පිළි සංරක්‍ෂණ ව්‍යාපෘතියක් රසායන සංරක්‍ෂණ අංශය මගින් අරඹා ඇත. මෙහි ප්‍රථම පියවර වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රාදේශීය කෞතුකාගාරයක් වන කෝට්ටේ ඊ. ඩබ්. පෙරේරා අනුස්මරණ කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා ඇති පැරණි රෙදි පිළි අතරින් කබාකුරුත්තු කිහිපයක් සංරක්‍ෂණයට භාජනය කරන ලදි. කබාකුරුත්තු යනු පෘතුගීසි පාලන අවධියේ දී මුහුදුබඩ ප්‍රදේශවල මධ්‍යම පාන්තික කාන්තාවන් විසින් භාවිත කළ උඩුකය ඇඳුම් විශේෂයකි. මෙය සුදු කපු රෙද්දෙන් නිම කරන ලද අත්දිග කෙටි සැට්ට විශේෂයක් වන අතර කර වටාත්, අත් සහ ඉණ වටාත් රේන්ද ඇල්ලීමෙන් අලංකාර කර සැට්ටයේ ඉදිරිපස සහ පිටුපස පලූ තනි රෙදිකඩකින් කපා තිබේ. මෙම ඇඳුම් විලාසිතාව පෘතුගීසි අවධියෙන් පසුව ලන්දේසි අවධිය සහ බ්‍රිතාන්‍ය අවධිය දක්වා ම දිවයිනෙහි වෙරළබඩ, විශේෂයෙන් දකුණු දිග ප්‍රදේශයන්හි කාන්තාවන් අතර වඩාත් ප්‍රචලිතව පැවතුණි. වර්තමානයෙහි ද දකුණු දිග ඇතැම් ප්‍රදේශවල මෙම විලාසිතාව ශේෂව පවතී.
සංරක්‍ෂණයට පෙර | රසායනිකව පවිත්‍ර කරමින් |
ආධාරක මගින් ශක්තිමත් කිරීම | සංරක්‍ෂයෙන් පසු |